පාසලේ ඉතිහාසය
ශ්‍රී ලංකාව ක්‍රි:ව: 1815දී බ්‍රිතාන්‍යයන්ට යටත් කර ගැනීමෙන් පසු ක්‍රිස්තියානි ධර්මය දිවටිනේ ප්‍රචාරය කිරීමේ අරමුණින් "මිෂනාරි අධ්‍යාපනය"ප්‍රචලිතකිරීම ඉංග්‍රීසීන් විසින් ආරම්භ කරන ලදි.එහි ප්‍රතිඵලයක් වශයෙන් ක්‍රි:ව: 1890 - 1915 අතර වකවානුවේදි මෙම විද්‍යාලය "ගොණගම පාසල"නමින් කුඩා පොල් අතු මඩුවක පටන්ගන්න ලද බව ගමේ පැරැන්නගේ ජනප්‍රවාද වලින් හෙළි වේ.දැනට පැරණිතම ගොඩනගිල්ල(එල් ශාලාව) පිහිටි ස්ථානයේ එය ඉදිකොට තිබූ බව පැවසේ.නිශ්චිතවම ආරම්භක දිනය සොයාගැනීමට දුෂ්කර වුවත් ක්‍රි:ව: 1912 දී 1915 දී අතරතුඅර කාලයේදී මෙම ආයතනය රජයට පවරාගෙන මිෂනාරි අධ්‍යාපනය ලබා දුන් පාසලක් ලෙස "ගොණගම පාසල" නමින් ප්‍රසිද්ධ වී පසුකාලයකදී "ගොණගම රජයේ පාසල" නමින් ප්‍රසිද්ධව මෙම විදුහල 1961 ජනවාරි 01 දින සිට ගගපළාත මහා විද්‍යාලයය ලෙස මහා විද්‍යාලයක් බවට පත් කෙරිණි.හගුරන්කෙත ප්‍රදේශයේ පැරණිතම පාසලක් වන මෙය ගගපළාත කෝරළයේ පැරණිතම විද්‍යාලයද විය.වර්ෂ 1932 සිට 2000 වර්ෂය වන විට විදුහල්පතිවරුන් 2212 ගේ මග පෙන්වීම යටතේ විදුහල ක්‍රමානුකූලව සංවර්ධනයක් කරා ගමන් කොට ඇත.රජයේ ප්‍රතිපත්ති අනුව වරින්වර මෙම විදුහල නුවරඑළිය හා මහනුවර අධ්‍යාපන දිස්ත්‍රික්කවලට අනුයුක්ත කර ඇත.1985.01.01 දින සිට මේ දක්වා නුවරඑළිය අධ්‍යාපන දිස්ත්‍රික්කයට අනුයුක්ත වන පාසලකි.
|
ආරම්භ කළ වර්ෂය |
1890 -10- 15 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
05 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
08 |
|
මුල් ගුරුතුමාගේ නම |
කේ. එල් .එම් .බණ්ඩා මයා |
|
පාසලේ ආදි කතෘගේ නම |
- |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
ගඟපළාත විද්‍යාලය |
|
පාසල භාරව කටයුතු කිරීම |
කේ එම් එල් බණ්ඩා මයා |
|
පාසල රජයට පවරාගත් දිනය |
1961-01-01 |
|
පාසල පැවැත්වූ ස්ථානය |
උඩගම ගොනගන්තැන්න |